කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගෙල් උරිබේ හිටපු කොලොම්බියානු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලක විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකුද වේ. 

බොගෝටා හී පොදු උද්‍යානයක ප්‍රචාරක උත්සවයක් අතරතුර මිගෙල් උරිබේට වෙඩි තබා ඇති අතර සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවයට ගෙන ඇති බවත් එරට පොලිස් සේවය සඳහන් කර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති උරිබේගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිව නැත.

බොගෝටා හී නගරාධිපති කාලෝස් ගැලන් පවසා ඇත්තේ ෆොන්ටිබන් දිස්ත්‍රික්කයේ ප්‍රහාරයකින් පසු උරිබේට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවට වාර්තා වන බවය. කෙසේ නමුත් අවශ්‍ය වුවහොත් කොලොම්බියානු අගනුවර සම්පූර්ණ රෝහල් ජාලය ඔහු වෙනුවෙන් සීරුවෙන් තබා ඇති බවත් ඔහු පවසා තිබේ.  

කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් පැවසුවේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මීට සම්බන්ධ තවත් අය සිටීද යන්න පිළිබඳව බලධාරීන් විසින් විමර්ශනය කරන බවත්ය.

උරිබේ කොලොම්බියාවේ ප්‍රමුඛ පවුලකින් පැවත එන අයෙකු වන අතර ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු සහ වෘත්තීය සමිති නායකයෙකුද වේ.

ඔහුගේ මව වන මාධ්‍යවේදිනියක් වූ ඩයනා ටර්බේ 1990 වසරේදී අභාවප්‍රාප්ත කාටෙල් නායක පැබ්ලෝ එස්කොබාර්ගේ අණ යටතේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහර ගන්නා ලද අතර ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඇය ජීවිතක්ෂයට පත්වූවාය.

කොලොම්බියාව දශක ගණනාවක් පුරාවට වාමාංශික කැරලිකරුවන්, දක්ෂිණාංශික පැරාමිලිටරි කණ්ඩායම්වලින් පැවත එන අපරාධ කණ්ඩායම් සහ රජය අතර ගැටුමකට මැදිව සිටින රටක් ද වේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments