කොස්ගොඩ වෙඩි තැබීමක්

කොස්ගොඩ ප්‍රදේශයේ අද (11) සවස් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ කොස්ගොඩ පොලිස් වසමේ හතරමංහන්දිය ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා බලපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරු වයස අවුරුදු 24ක් වූ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ තුවාලකරු ත්‍රී රෝද රථයේ රියදුරු වන අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.

සිද්ධිය සම්බන්ධව කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments