කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක්

සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.

පෑලියගොඩ නවලෝක, ග්‍රැන්ඩ්පාස් තොටලග, කොස්ගස් හංදිය, බොරැල්ල කැම්බල් පිටිය අසළ, දෙමටගොඩ, බෞද්ධාලෝක මාවත බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ, පිටකොටුව බෝධිය අසල, හුණුපිටිය ගංගාරාම විහාරය, හා කොළඹ 02 බ්‍රේබෘක් පෙදෙස සිරස මූලස්ථානයේ එම තොරණ ඉදිකර තිබේ.

මෙයට අමතරව කොළඹ නගරයේ වෙසක් කලාප කීපයකි. 

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය, බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධාලෝක මාවත වෙසක් කලාපය, හා බ්‍රේබෘක් පෙදෙස සිරස වෙසක් කලාපය එම වෙසක් කලාප අතර වේ.වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පූරා දර්ශනීය වෙසක් තොරණ හා වෙසක් කලාප රැසක් පවතින බව වාර්තාවේ.

(මහින්ද නිශ්ශංක )

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments