ගෝටාභයත් ලොකු නඩුවක පැටලේ.. භාතිය සංතුෂ්ටත් චෝදනා.. රජයේ ලොක්කෙක් සාක්‍ෂි දෙයි..

2014 සැප්තැම්බර් 09 වැනිදා වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැයකරමින් රජයට පාඩු කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනීය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ (05) පැවැසුවාය

ඒ් අනුව සංගීත ප්‍රසංගය කළ භාතිය-සන්තුෂ් නමැත්තන්ද සිද්ධියේ සැකකරුවන් විය යුතු යැයිද මෙම සියලු කරුණු අනාවරණය කරමින් රහස් ප්‍රකාශයක් දීමට වුවත් තමන් සූදානම් බවත් ඇය දැනුම් දුන්නාය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව සංවිධානය කටයුතු සමාගමකට බාරදී රජයට රුපියල් 276 පාඩුවක් කර ඇතැයි කියමින් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු සාමාන්‍යාධිකාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් ජයවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments