චීනයට ගිය ටිල්වින් විශේෂ හමුවක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් චීනයේ සංචාරයක නිරතව සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව සිදුවන එම සංචාරය සඳහා නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටින බව සඳහන්ය.

ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව සාකච්ඡා වූ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ පැවති දූෂිත පාලනය තන්ත්‍රය අවසන් කර ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රට ආර්ථිකය සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගැනීමේ සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින බව එහිදී ටිල්වින් සිල්වා මහතා පෙන්වාදී තිබේ.

එම ගමනේදී චීනයේ මෙන්ම ජජියාන් පළාතේ සහාය මෙන්ම වර්තමාන චීනය දක්වා පැමිණි ගමනේදී චීන කොමියුනිස්ට් පක්ෂය ලද අත්දැකීම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර ඇත.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments