චූන් පාන් ලොරියකින් මදන මෝදක විකුණළා…

බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි ප්‍රදේශය පුරා බෙදාහැරීමේ ජාවාරමේ නිරත පුද්ගලයෙකු නෝර්ටන් බ්‍රිජ් පොලිසිය විසින් (16) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ටන් බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පැවසීය.

හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි සැකකරු තම ලොරි රථයෙන් බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට නෝර්ටන් බ්‍රිජ් පොලිසියේ බුද්ධි අංශයේ නිළධාරියෙකුගෙන් ලද තොරතුරක් මත සැකකරු ලොරි රථය නෝර්ටන් බ්‍රිජ් හරහා හැටන් ප්‍රදේශයට ධාවනය කරවන අවස්ථාවේ ලොරි රථය නතර කර පරික්ෂා කිරිමේදි ලොරි රථය තුල ගුලි 250ක් තිබී සොයා ගත් බවයි පොලිස් ස්ථානාධීපතිවරයා කියා සිටියේ.

එක් මදන මෝදක ගුලියක් රු.200ක තොග මිලකට සැකකරු අලෙවි කරන බවත්, එම ගුලි වල නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත්වන දිනයක් හෝ නිෂ්පාදිත ආයතනයක නම සදහන් නොවන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත සැකකරු (16) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නෝර්ටන් බ්‍රිජ් පොලිසිය පැවසීය.

රංජිත් රාජපක්ෂ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments