ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කර්යාලය මේ මස 5වනදා සහ 6වනදා වසා තැබීමට තීරණය කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අදාළ පහසුකම් සැපයීම සඳහා මේ ආකාරයට දින දෙකක කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වසා තැබෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 හා 07ට අදාළ ඡන්ද මධ්‍යස්ථානය ලෙස මෙම ප්‍රධාන කාර්යාලය නම් කර තිබේ.

මේ අනුව මේ මස 05වන දින ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතු සංවිධානය කිරීම වෙනුවෙන් හා 06 වන දින ඡන්ද විමසීම සිදුවන නිසා මෙම වසා තැබීම් සිදුවේ. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments