ජනපතිගේ පොසොන් දින පණිවුඩය

පොසොන් පොහොය ශ්‍රී ලාංකීය අපිට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදුවූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම තුළ ඉස්මතු කර දැක්විය යුතු මහ ගුණාංගයක් වන්නේ අවිහිංසාව බවය.

අවිහිංසාව යනු තමන්ගේ ද අනෙකාගේ ද ජීවන නිදහස සහ අයිතිය සුරක්ෂිත කෙරෙන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගතයුතු බව ජනාධිපතිවරයා සිය පොසොන් පොහෝ දින පණිවුඩයෙන් දැනුම් දෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ද පොසොන් පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කරගනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් බවය.

පොසොන් පොහොය මෙරට ජනතාවගේ ආගමික, සංස්කෘතික, හා සමාජීය මෙන්ම ආර්ථික තත්ත්වයන් සුවිශේෂ පුනරුදයක් කරා ගෙන යන්නට මග පෑදු දිනයක් බවද අග්‍රාමාත්‍යවරිය පවසයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments