ජනපති අනුර හෙට ජර්මනියට

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජූනි 11 සිට ජූනි 13 වන දා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වේ.

ඒ අනුව, ජනාධිපතිවරයා හෙට (ජූනි 10) පස්වරුවේ මෙරටින් පිටත් වීමට නියමිත ය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ තවත් පිරිසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජනය සහ වෘත්තිය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපති අනුර දිසානායක විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ලබන අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

එමෙන් ම, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ජර්මනියේ සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් ද හමුවීමට නියමිත අතර මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක් වේ.

By
 Anuradha Herath

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments