ජනපති හා ජර්මානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පස්වරුවේ බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ. 

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, විදේශ කටයුතු, විදේශ රැකියා හා වෙ‍ළෙඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments