ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිම සදහා පමණක් ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් හැටහතරකෝටි පනස්තුන්ලක්ෂ,තිස්හයදහස් හත්සිය හැත්තෑහතරක මුදලක් (645,336,774) වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

එකම වාහනය වාර 10 සිට 17 දක්වා වු වාරගණනක් අලුත්වැඩියා කිරිමේ අවස්ථා 53ක් වාර්තා වි තිබුණි. මිලියනයක් සහ මිලියන හතලිහක් අතර වු වටිනාකමින් යුතු වාහන 189ක් අලුත්වැඩියා කොට තිබුණි.

එම එක් වාහනයක් අලුත්වැඩියා කිරිම සදහා ඉකුත් වර්ෂය තුල රුපියල් මිලියනයක් සහ මිලියන විසිඅටක දක්වා වු මුදලක් වැයකොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

විවිධ පාර්ශවයන් විසින් භාවිතා කරණු ලැබු වාහන 107ක් ඉකුත් වර්ෂයේ (2024) සැප්තැම්බර් මස 21 දිනට පසුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දි තිබුණි. එම වාහන අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් දාහතරකෝටි, දහඅටලක්ෂ, තිස්එක්දහස්, අටසියතිස්දෙකක (141,831,832) වියදමක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වැයකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය නමින් ලියාපදිංචිකර තිබු වාහන 29ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බවද අනාවරණය වි ඇත. මෙම වාහන අතුරුදහන්විම හෝ කිසියම් ආයතනයකට පුද්ගලයෙකුට භාරදුන් බවට හෝ කිසිදු ලිඛිත සාක්ෂියක් විගණනයට ඉදිරිපත්කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.

යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments