ජනාධිපති කාර්යාලයේ V8 හයක්, නිසාන් පෙට්‍රල් තුනක් ඇතුළු සැප වාහන සැප වාහන 17ක් කෝටි 20කට වෙන්දේසි කරයි..

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය (15) සාර්ථකව අවසන් විය.

පැවති වෙන්දේසියේ දි වාහන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් රජය උපයා ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවට ව්‍යාපාරිකයෝ 108 දෙනෙකු පමණ එක්ව සිට ඇත.

BMW මෝටර් රථයක්
ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ දෙකක්
ලෑන්ඩ් රෝවර් ජීප් රථ දෙකක්
මිට්ෂුබිෂි මොන්ටේරෝ රථයක්
පොර්ෂ් ජීප් රථයක්
V8 රථ 6ක්
නිසාන් පෙට්‍රල් රථ තුනක්
නිසාන් මෝටර් කාර් දෙකක්
මිට්ෂුබිෂි රෝසා බස් රථයක්

හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පත්කරන ලද උපදේශකවරුන් හා කාර්යමණ්ඩලය වෙත ලබාදී තිබූ වාහන 26ක් මෙලෙස වෙන්දේසියට යොමු කර තිබේ.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments