ජපන් වැසියන් බිය කළ අනාවැකිය – හෙට දවස තීරණාත්මකයි

2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ.

ඒ හෙට දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට පළවී ඇති අනාවැකියක් හේතුවෙනි. 

මෙම අනාවැකිය පලවී ඇත්තේ ජපානයේ කාටූන් චිත්‍ර ශිල්පියෙකු වන රියෝ තට්සුකි විසින් 2021 වසරේදී අඳින ලද The Future I Saw එනම් ‘මා දුටු අනාගතය’ නම් නිර්මාණයේය. 

එහි සදහන් වන පරිදි, ජපානය සහ පිලිපීනය අතර සාගර පතුලේ හටගන්නා බිඳීයාමක් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය ඇතිවන අතර එය 2011 වසරේ ජපානයට බලපෑ සුනාමි තත්ත්වය මෙන් තුන්ගුණයක් විශාල එකක් විය හැකි බව සඳහන් වුණි. 

මෙම අනාවැකිය සම්බන්ධයෙන් ජපානය, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල සමාජ මාධ්‍යජාල තුළ මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඒ, ජනතාව තුළ බියක් සහ යම් නොසන්සුන් බවක්ද ඇති කරමිනි.

මෙවන් පසුබිමක දකුණුදිග ජපාන කලාපයට අයත් තොකෝරා දූපතේ පසුගිය ජූනි 21 වැනිදා රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසුව ගෙවුණු දෙසතියක කාලය තුළ එම දූපත පසුකම්පන 900කට වැඩි සංඛ්‍යාවකට මුහුණදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments