ජල කප්පාදු කාලය අඩු වෙයි

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට හෙට (5) සිට ජල සැපයුම අත්හිටුවන කාලය පැය 8ත් 12ත් අතර කාලයකින් අඩු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

වියළි කාලගුණ තත්ත්වයත් සමග මෙම ප්‍රදේශවලට දින 03කට පසු එක් දිනයක් ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබුණි. 

කෙසේවෙතත් පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් එම කාලසීමාව පැය 18ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය ඊයේ (03) නිවේදනය කළේය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මගින් ජලය සැපයීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලය යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේය.

ජල සැපයුමට බාධා එල්ලවීමත් සමග මේ වන විට ජල සම්බන්ධතා 20,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බව ද ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments