ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ට්‍රම්ප්ගේ තීරණය හෙළාදකී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයක් සඳහා පැනවු තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය හෙළාදැක තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම කුරිරු හා ජාතිවාදි තීරණයක් බවය.

ජාතිකත්වය මත පදනම්ව පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙවැනි තහනමක් පැනවීම වෛරය පැතිරවීමක් ලෙස “හියුමන් රයිට් ෆස්ට්” සංවිධානය පෙන්වා දී තිබේ.

ජුනි මස 09වනදා සිට බලපැවැත්වෙන පරිදි ඇෆ්ගනිස්තානය, මියන්මාරය, ඉරානය, සෝමාලියාව, සුඩානය ඇතුලු රටවල් 12ක වැසියන් සඳහා අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර ඇති අතර ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments