ට්‍රම්ප්-ඉලොන් මස්ක් තරහා වෙලා

ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ මත ගැටුම් නිර්මාණය වී ඇති අතර, ඒවා දිනෙන් දින ඔඩුදුවන බව පෙනෙයි.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පනත, මස්ක්ගේ දැඩි විවේචනයට ලක් වී ඇති අතර, එම පනත හරහා අයවැය හිඟය වැඩිවන බව ද පෙන්වා දී ඇත. ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කළ යුතු බවත් මස්ක් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත.

මීට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්, මස්ක්ට තර්ජනය කර ඇත්තේ, මස්ක්ගේ Tesla සහ SpaceX සමාගම් සඳහා රජටෙන් ලැබෙන සහන සහ කොන්ත්‍රාත්තු කපා හරින බවටය.

ඊට අමතරව, තමන් නැතිව මස්ක්ට කිසිවක් කළ නොහැකි බවත්, ඔහු උමතුවෙන් ක්‍රියා කරන බවත් ට්‍රම්ප් පවසා ඇත.

මස්ක් පවසා ඇත්තේ, තමන් නොසිටියා නම්, ට්‍රම්ප්ට ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බවත්, ට්‍රම්ප්ගේ නම ද එප්ස්ටයින් ලිපි ගොනුවල (Epstein files) ඇති බවත්ය.

මස්ක් ද ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින්, ට්‍රම්ප් තමාගේ උදව් නොමැතිව මැතිවරණයෙන් පරාජය වීමට ඉඩ තිබූ බවත්, ට්‍රම්ප් “එප්ස්ටයින් ගොනු” (Epstein files) වල සිටින බවටත් (සාක්ෂි නොමැතිව) චෝදනා කළා. එප්ස්ටයින් ගොනු (Epstein files) යනු මූල්‍යවේදියෙකු සහ ලිංගික අපරාධකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ ක්‍රියාකාරකම් සහ ඔහු සමඟ සම්බන්ධ වූ ඉහළ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳව ඇමෙරිකන් ෆෙඩරල් බලධාරීන් විසින් එකතු කරන ලද ලේඛන එකතුවය.

මීට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව” (Department of Government Efficiency – DOGE) මෙහෙයවීමේ වගකීම ඉලොන් මස්ක්ට පවරා තිබුණි. දින කීපයකට පෙර මස්ක් එයින් ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කළේය. දෙදෙනා අතරේ විරසකය ප්‍රසිද්ධියට පත් වීම සිදුවූයේ ඉන් අනතුරුවය.

මෙම එදිරිවාදිකම් හේතුවෙන්, Tesla කොටස් මිල පහත වැටුණි. ආයෝජකයන් බිය වන්නේ ට්‍රම්ප්ගේ තර්ජන මස්ක්ගේ ව්‍යාපාර වලට, විශේෂයෙන් Tesla සහ SpaceX සමාගම්වලට, අහිතකර ලෙස බලපානු ඇති බවය.

(බීබීසී)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments