ටීචර් අම්මා අධිකරණයට එයි

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහෙස්ත්‍රත් අධිකරණය ‍වෙත ඉදිරිපත් වී තිබේ.

තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරුණි.

අදාළ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි අතර ඒ අනුව අද දිනයේ මෙලෙස අධිකරණය වෙත පැමිණ තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා හා කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඔවුන් දෙදෙනාව අද දිනයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබූ අතර එහිදී හයේශිකා ප්‍රනාන්දු ද නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වී තිබේ.

අදාළ පහරදීමේ සිද්ධියට සැකපිට තවත් දෙදෙනෙකුද අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව සැකකාර හයේශිකා ප්‍රනාන්දු සහ සැකකරුවන් සිව්දෙනාට ඇප නියම කෙරුණි. 

සැකකරුවන් අධිකරණයට රැගෙන යන අවස්ථාවේ ප්‍රහාරයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ හිතමිතුරන් මීගමු අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයකද නිරතවිය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments