තරුණයන්ට අලුත් ප‍්‍රතිපත්තියක්

අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.

ඒ අනුව, සිය අදහස් සහ යෝජනා 2025 නොවැම්බර් 20 වන දිනට පෙර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති,

වට්ස් ඇප් අංක              –  0771806878
ෆේස්බුක් ගිණුම         –  National Youth Policy 2025
ඊමේල්                          – youthpolicy2025@gmail.com
දුරකථන අංක                – 011 2697934
ෆැක්ස් අංක                  – 011 2688836

වෙත හෝ

ලේකම්,
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය,
අංක 09, පිලිප් ගුණවර්ධන මාවත,
කොළඹ 07

ලිපිනයට ලිඛිතව යොමු කරන ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දෙයි.

මෙරට තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තාරුණ්‍යයේ නියෝජනය අවම මට්ටමක පැවතීම ඇතුළු මේ වන විට පවතින තරුණ ප්‍රතිපත්තියේ පසුගාමී ලක්ෂණ හේතුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනා ගනිමින් සකස් කෙරෙන මෙම නව ජාතික තරුණ ප්‍රතිපත්තිය 2026 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව ඊට අදාළ විෂය ප්‍රවීණයන්ගේ සහ විද්වතුන්ගේ දායකත්වයෙන් සකස් කෙරෙන මෙම ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා අදහස් සහ යෝජනා ලබා දීමට සියලුම පුරවැසියන්ටද අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක් වන අතර, ශ්‍රී ලංකාවේ සියලුම තරුණ තරුණියන් ආවරණය වන පරිදි තරුණ ශ්‍රම බලකාය සවිබලගැන්වීම සහ මනා පෞරුෂයෙන් යුත් නායකත්වයක් සහ නිර්මාණශීලි තාරුණ්‍යයක් ගොඩනැඟීම මෙහි අරමුණයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments