තවත් සද්ධන්තයෙකුට අකල් මරණයක්

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ.

අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවත් ය.

වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණත් නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවටද ගම්වාසීන් චෝදනා කරයි.

වනඅලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවනු ඇති බවද ගම්වාසීන් පෙන්වා දෙයි.

මෙලෙස මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්වයෙකු බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments