තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය.

අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස්කිරීමට සමත් විය.

ඉනිම ඔසවා තැබූ ස්මිත්‍රි මන්දනා පන්දු 101කට මුහුණදෙමින් ලකුණු 116ක් රැස්කළාය.

ඇගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 15කින් සමත්විත විය.

මෙහිදී ලකුණු 343ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 245ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු ලකුණු 51ක් හා නිලක්ෂකා සිල්වා ලකුණු 48ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිඳු පිතිකාරිනියකට ඉනිම දිනවිය හැකි ඉනිමක් ක්‍රීඩාකළ නොහැකි වුහ.

ඉන්දියාව වෙනුවෙන් ස්නේ රානා (4/38) හා අමන්ජොත් කෞර් (3/54) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

තරගයේ වීරවරිය ලෙස ශතක ඉනිමක් ක්‍රීඩාකළ ස්මිත්‍රි මන්දනා සම්මාන දිනාගත්තාය.

තරගාවලියේ වීරවරිය ලෙස ස්නේ රානා සම්මාන දිනාගත්තාය. ඇය සමස්ත තරගාවලියේ දී කඩුලු 15ක් දවාගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර මෙම තරගාවලිය පැවැත්විණි.

සෑම කණ්ඩායමකටම මූලික වටයේදී තරග 4ක් බැගින් හිමිවිය.

ඉන් තරග 3ක් ජයගත් ඉන්දියාවත්, තරග 2ක් ජයගත් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

දකුණු අප්‍රිකාවට ජයගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණි. ඒ ශ්‍රී ලංකාවට එරෙහිවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments