තේ ෆැක්ටරියක ඇඹරුම් යන්ත්‍රයට හසුව කම්කරුවෙක් මියයයි…

මාඋස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කල පුද්ගලයකු එහි තේ දළු අබරන යන්ත්‍රයට (රෝලරයට) හසුව මිය ගොස් ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ  මස්කෙළිය වැවිලි සමාගමට අයත් මාඋස්සාකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි එම වතුයායේ පදිංචි ක්‍රිෂ්ණන් වීජේකුමාර් (අවුරුදු 49) යන අය එම කර්මාන්ත ශාලාවේ තේ දළු අබරන යන්ත්‍රයට (රෝලරයට) හසුව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බවත්ය.

මෙම අනතුර 05වන දින අළුයම 2.10ට පමන සිදුව ඇති බවත් මේ පිලිබදව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තුමන්ගේ ස්ථානිය පරික්ෂනයෙන් පසුව මල සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන යාමට පියවර ගෙන ඇති බවත් මේ පිලිබදව මස්කෙළිය පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments