දකුණේ පාතාලය මඩින්න පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක්

දකුණු පළාත තුල සිදු වන අපරාධ හා රිය අනතුරු පාලනය කිරිමේ අරමුණින් නව පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය නොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ විය.

මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රිඩාංගනය ඉදිරිපිටින් එම ඒකකය ආරම්භ කල අතරට ඊට එන්ජින් ධාරිතාවය 600 කින් යුතු යතුරුපැදි 30 ක් ඇතුළුව නව යතුරුපැදි 80 ක් අනුයුක්ත කර ඇත.

අපරාධයක් සිදු වු විගස අපරාධකරුවන් පසු පස හඹා ගොස් අත්අඩංගුවට ගැනීමටත් අපරාධයක් සිදු වීමට පෙර සුපරික්ෂාකාරීව සිට ඒවා නතර කිරීමටත් රිය අනතුරු අවම කර ගැනීම සදහා රථ වාහන ක්ෂණික පරීක්ෂාවට ලක් කිරීමටත් එම ඒකකයේ නිලධාරීන් පුහුණු කර තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති සමාරම්භක උත්සවයේ දී අදහස් දැක්වු දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මෙසේ කීය.

“දකුණු පලාත තුල යම් අපරාධයකින් හෝ රිය අනතුරකින් මනුශ්‍ය ජීවිතයක් අහිමි වන්නේ ද ඊට මා ඇතුළුව සියලු නිලධාරීන් වගකිව යුතු වෙනවා.ඒ නිසා එම තත්වය පාලනය කිරීමට අපි හැමෝගෙම වගකීම වෙනවා.ඔබට ලබා දී ඇති රාජකාරිය අකුරට ඉටු කරන්න.එය පැහැර හැර යම් ජීවිතයක් අහීමි වුවහොත් ඊට ඔබටත් වග කියන්න සිද්ධ වෙනවා.මාස තුනකින් පසු මෙහි ප්‍රගතිය අපි සමාලෝචනය කරනවා.එහීදී මේ නිලධාරීන් රාජකාරී යොදවා සීටින කලාපයේ අපරාධ හෝ අනතුරු පාලනය වීමක් සිදු වී නැත්නම් කණගාටුවෙන් වුනත් එම නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන්න සිද්ධ වෙනවා.ඔවුන්ට කරන්න පුලුවන් වෙනත් රාජකාරියක් භාර දීලා.

ඔවුන් වෙනුවට වෙනත් දක්ෂ නිලධාරීන් අනුයුක්ත කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම දක්ෂ ලෙස රාජකාරී කරන නිලධාරීන් අගය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.ඒ නිසා දකුණු පලාතෙන් අපරාධ තුරන් කිරීමටත් රිය අනතුරු පාලනය කිරීමටත් ඔබ සියලු දෙනාගේ සහයෝගය අවසන් වශයෙනුත් ඉල්ලා සිටිනවා.”

මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිස්,මාතර මහ දිසාපති චන්දන තිලකරත්න,මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ යන මහත්වරී ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments