දයාසිරි අදත් CIDයට

කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එහිදී ඔහු පවසා සිටියේ, බහාලුම් මුදාහැරීම ගැන කැඳවිය යුතුව ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා හා නිදහස් කළ කමිටුව බවය.   

එහෙත් කැඳවා ඇත්තේ, ප්‍රශ්නය ඉදිරිපත් කළ අයව පමණක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ආයතනයක් බවට පත්කරගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.

විපක්ෂය මර්දනය කිරීමටත්, ආණ්ඩුවේ අයව බේරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments