දරු උපත් ඉහළ නංවන්න චීන රජයෙන් දෙමව්පියන්ට මුදල් සහනාධාරයක්

චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අවුරුදු 03ට අඩු සෑම දරුවෙකුටම වසරකට යුවාන් 3,600 හෙවත් අමෙරිකානු ඩොලර් 500කට ආසන්න මුදලක් ලබා දීමට චීන රජය තීරණය කර තිබේ.

චීන රජය විසින් ලබා දෙන මෙම සහනාධාරය තනි පුද්ගල ආදායම් බද්දෙන් නිදහස් කිරීමටද තීරණය කර ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ප්‍රතිපත්තිය මගින් සෑම වසරකම පවුල් මිලියන 20කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලබනු ඇතැයි එරට රජය අපේක්ෂා කර තිබේ.

චීන මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ පසුගිය වසර 07 තුළ අලුත උපන් බිළිඳුන් සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටී ඇති අතර පසුගිය වසර අවසන් වන විට චීනයේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජනගහනය මිලියන 310ක් දක්වාද ළඟා වී ඇති බවය.

ඒ අනුව මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා පසුගිය වසර කිහිපය තුළ එරට පළාත් පාලන ආයතන රැසක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර එම වැඩසටහන් අතර ත්‍යාගශීලි සහ දිරිගැන්වීම් ද ඇතුළත්ව තිබුණි.

මෙම සහනාධාරය යටතේ චීනයේ හොහොට් හී සෑම පවුලකම පළමු දරුවා සඳහා යුවාන් 10,000ක එක් වරක් සහනාධාරයක් ලබා දෙන අතර දෙවන දරුවෙකුට වයස අවුරුදු 5 දක්වා වාර්ෂිකව යුවාන් 10,000ක සහනාධාරයක් ලැබෙනු ඇත.

එමෙන්ම ඕනෑම දරුවෙකුට වයස අවුරුදු 10 දක්වා වාර්ෂිකව එම මුදල් ලබා ගැනීම සුදුසුකම් ලැබෙනු ඇති බවත් චීන රජය සඳහන් කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments