‘දිනපු පළාත් සභා පිහිටුවීමේදී අපට බාධා කළොත් අපිත් බාධා කරනවා’…- ටිල්වින්

බහුතර බලය සහිතව ජාතික ජන බලවේගය දිනා ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට විපක්ෂය බාධා කරන්නේ නම් එම පක්ෂයට ද බාධා කිරීමට සිදුවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එම නිසා ජනතා මතය අනුව එම සභාවල බලය පිහිටුවීමට බාධා නොකරන ලෙස තමා ඉල්ලා සිටින බව ද ලේකම්වරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු කවුරු කුමක් කිව්ව ද මෙම මැතිවරණයේ වැඩි ම ජයක් ලබා ගත්තේ ජාතික ජනබලවේගය බව ත් ඒ අනුව පළාත් සභා 267 ක් දිනා ඇති අතර 120 ක් කිසිදු ගැටලුවකින් තොරව සභා පිහිටුවිය හැකි බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, 32ක් ආණ්ඩුව හා විපක්ෂය දෙපාර්ශවයම සමානව සභිකයින් තේරී පත්ව ඇති අතර එම සමාන තැන් වලද බාධාවකින් තොරව සභා පිහිටුවිය හැකි බව ත් සමගි ජනබලවේගයට සභා 14 ක් තිබුණද ඉන් 13 කම තනිව සභා පිහිටුවිය නොහැකි බව ත් ඔහු කීය.

ඔහු පැවසුවේ, ආණ්ඩුවට අවම සභා එකක් දෙකක් පිහිටුවිය නොහැකි තැන් වලද බලය පිහිටුවීමට අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ත් කොළඹ ඇතුළු රට පුරා සභා බහුතරය ම පිහිටුවිය හැක්කේ ඒ අනුව ආණ්ඩුවට බව ත් ය.

කොළඹ මහනගර සභාවේ බහුතරය ලබා ගැනීමට ආණ්ඩුවට අඩු වී ඇත්තේ සභිකයින් 11 දෙනෙකු වන අතර ස්වාධීන කණ්ඩායම් හා අනෙක් අය සමග ඒ ගැන සාකච්ඡා කර ඇති බව පැවසූ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේ, අනෙක් පක්ෂ ගත් විට ඒ ඒ පක්ෂ අතර විරසකභාවයන්, හඹ ඇදීම් තිබෙන බැවින් එහි වාසිය ද ආණ්ඩුවට ලැබෙන බව ය.

කෑලි කෑලි එකතු කර සභා පිහිටුවීම සදාචාර නොවන බව ත් ඒ අනුව සභා පිහිටුවීමේදී විපක්ෂය බාධා නොකර සිටින ලෙස තමා ඉල්ලා සිටින බව ත් ටිල්වින් සිල්වා කීය.

ඔහු වැඩිදුරට ත් පැවසුවේ, එදා වෙන් වෙන් ව තරග කර අද සභා පිහිටුවීමට කටයුතු කරන්නේ නම් එය සදාචාර සම්පන්න නොවන බව ය.

– මව්බිම

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments