දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න

2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

ගණිත අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ ලෙසඳු රණ්සර කුමාරගේ සිසුවා වන අතර එම සිසුවා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ.

මේ අතර ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුන් දෙදෙනෙකු විසින් ගණිත අංශයෙන් දිවයිනේ තවත් ස්ථාන දෙකක් හිමි කර ගැනීමට සමත්ව තිබේ.

ඒ දිවයිනේ තෙවන ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගනිමිනි.

ඒ අනුව දෙවන ස්ථානය දිනාගනිමින් ගණිත අංශයෙන් තෙවිඳු දිල්මිත් දහනායක සමත්වී ඇති අතර එම අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය නවිඳු දිනෙත් තෙන්නකෝන් සිසුවා විසින් හිමිකරගෙන තිබේ.

වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවිය විසිනි.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනෙලි චමත්කා රණසිංහ සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments