දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිසකට පත්වීම් ලිපි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක සිට පුරප්පාඩුව තිබූ දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා විවෘත තරග පරීක්ෂණය හරහා සුදුසුකම් ලබාගත් පුද්ගලයන්ට පත්වීම් ලිපි ප්‍රදානය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවේදී, දුම්රිය දෙපාර්තමේන්තුවේ හිස්ව තිබූ රියදුරු තනතුර සඳහා නව රියදුරන් 85 දෙනෙකුටද, නියාමක තනතුර සඳහා පුහුණුකරු 06 දෙනෙකුටද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නිල පත්වීම් ලිපි බාරදෙන්නට යෙදියි.
මේ සම්න්ධව අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, සාම්ප්‍රදායික සහතිකයන්ට සීමා වූ අධ්‍යාපනයෙන් රටට හෝ ජනතාවට සැබෑ වාසි නොලැබෙන බවය.

තවද වර්තමානයේ දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩිවී ඇති අතර, එක් දුම්රියක්වත් අවලංගු වීම සමාජය පමණක් නොව පුද්ගලික මට්ටමින්ද ජනතාවට බරපතල බලපෑමක් ඇති කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

“වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් සිදුවෙන්නේ. මේ හේතූන් නිසාම දුම්රිය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ජනතාව තුළ ගොඩනැගිලා තිබෙන්නේ. දුම්රිය බාර ඇමති විදියට මටත් එවැනිම අපැහැදිළි ප්‍රතිරූපයක් තමයි සමාජය තුළ ගොඩනැගිලා ඇත්තේ. සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටට, ජනතාවට ප්‍රයෝජනයක්  නැහැ. අපේ නම්බුනාම හෝ වැටුපෙන් ඔවුන්ට වැඩක් නැහැ. ජනතාවගේ අවශ්‍යතා මත පදනම් වී, ක්ෂණිකව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විමයි ජනතාවට වැදගත්ම සාධකය වන්නේ. දුම්රිය සේවයේ ගුණාත්මකබව රැකගත හැකි ප්‍රධානම කොටස් අතරින් දෙකක් තමයි රියදුරන් සහ නියාමකවරුන්. ඒ තරම් වැදගත්වූ රැකියාවකට තමයි අද ඔබ මේ පිවිසෙන්නේ” 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments