දේශබන්දුට පාතාලයෙන් තර්ජන 

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඊයේ (1) දැනුම් දී තිබේ.

ඒ තෙන්නකෝන් මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුව මුණගැසීමෙන් පසුවය.

දේශබන්දු තන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි තොරතුරු වාර්තාවී ඇති බව උසස් පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුට ඇති ජීවිත තර්ජන පිළිබඳව තොරතුරු ඇතුළත් බුද්ධි අංශ වාර්තාවක් පොලිස් මූලස්ථානයට ලබාදී ඇතැයිද වාර්තා වේ.

එමගින් තොරතතුරු අනාවරණ කර ඇත්තේ, යුක්තිය ඇතුළු මෙහෙයුම්වලින් තෙන්නකෝන් මහතා පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් වෙනත් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන්ද මරණ තර්ජන එල්ලවිය හැකි බවයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments