නාමල් රාජපක්‍ෂගේ ශුද්ද වත්කම මෙන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ ඇති තොරතුරු අනුව ඔහුගේ ණය හැර ශුද්ද වත්කම රුපියල් මිලියන 74කි.

ඉඩම්: ඉඩම් තුනක් වාර්තාවේ සඳහන් වේ. ඉන් එක් ඉඩමක් දෙමව්පියන්ගෙන් ලද උරුමයක් වන අතර, අනෙක් ඉඩම් දෙක මිලදී ගෙන ඇත. එක් ඉඩමක වටිනාකම රුපියල් ලක්ෂ 55ක් ලෙස සටහන් කර ඇත.

රන් භාණ්ඩ: සමස්ත රන් භාණ්ඩවල බර පවුන් 100කට වැඩිය. ඉන් පවුන් 31ක් සහ රන් කාසි 23ක් මන්ත්‍රීවරයා සතු වේ. මෙම රන් භාණ්ඩවල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 7.7කි.

වාහන: වාහන තුනක් පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර, ඉන් එක් වාහනයක් මිලදී ගෙන ඇත. අනෙක් වාහන දෙකෙන් එකක් බිරිඳගේ පියාට අයත් වන අතර, අනෙකෙහි වටිනාකම සඳහන් කර නැත.

ආයෝජන: පුද්ගලික සමාගමක රුපියල් මිලියන 38ක් සහ ‘ලිත්ෂියාඩිස්’ ආයතනයේ රුපියල් මිලියනයක් ආයෝජනය කර ඇත.

නීති වෘත්තියෙන් රුපියල් 82,000ක්, පොලී ආදායම් ලෙස රුපියල් මිලියන 3ක්, සහ වෙනත් ආදායම් මාර්ගවලින් රුපියල් මිලියන 4.1ක් වාර්තා වේ. බිරිඳගේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.3කි. සමස්තයක් ලෙස වාර්ෂික ආදායම රුපියල් මිලියන 8ක් (මාසිකව රුපියල් 75,000) වේ.

මුදල් වත්කම්: සියලු බැංකු ගිණුම් ශේෂයන්, අත්තිකාරම් මුදල් (රුපියල් මිලියන 30) සහ අත ඇති මුදල් (රුපියල් මිලියන 25) ඇතුළුව මුළු මූල්‍ය වත්කම්වල එකතුව රුපියල් මිලියන 85කි.

ගෙවීමට ඇති ණය: මන්ත්‍රීවරයා සතු සමස්ත ණය ප්‍රමාණය රුපියල් මිලියන 94කි. මෙයට පුද්ගලික ණය (මිලියන 20ක් සහ මිලියන 10ක්), වෙනත් ණය (මිලියන 8ක්, මිලියන 47.45ක්, මිලියන 6.5ක්), බිරිඳගේ අධ්‍යක්ෂ ණයක් (මිලියන 24ක්) සහ ක්‍රෙඩිට් කාඩ්පත් ණය (මිලියන 9ක්) ඇතුළත් වේ.

විවාහයේදී දෑවැද්දක් ලෙස LSR සමාගමේ ව්‍යාපාර කිහිපයකින් (හෝටල් සහ අනෙකුත් ව්‍යාපාර) 50%ක කොටස් නාමල් රාජපක්‍ෂ මහතාට ලැබී තිබේ.

සමස්ත වත්කම්: බිරිඳගේ දෑවැද්ද හැර, මන්ත්‍රීවරයා සතු සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 168කි.

ශුද්ධ වත්කම් (ණය අඩු කිරීමෙන් පසු):

සමස්ත වත්කම්: රුපියල් මිලියන 168.
මුළු ණය: රුපියල් මිලියන 94.
ශුද්ධ වත්කම්: රුපියල් මිලියන 168 – රුපියල් මිලියන 94 = රුපියල් මිලියන 74

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments