නේපාලයේ විරෝධතාවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ අත්දැකීම

නේපාලයේ පවතින විරෝධතා මැද එරට රාජකාරී කරන ශ්‍රී ලාංකික සීමාවාසික වෛද්‍යවරයෙකු සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය.

නඳුන් මෙත්වඩන නැමති ඔහු සිනමංගල්හි පිහිටි කත්මණ්ඩු වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලේ සේවය කරන සීමාවාසික වෛද්‍යවරයෙකි.

“මගේ දැනුමට අනුව අපේ රෝහලට ගෙනාපු රෝගීන් දෙන්නෙක් මැරුණා. ඒ වගේ ම තුවාල වෙච්ච අය 38 දෙනෙක් වගේ ප්‍රතිකාරවලට අරන් ආවා. අපිට කිසි ම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම රාජකාරි කරන රෝහල ඉස්සරහත් කට්ටිය කොඩි අරන් බයික්වල එහෙම යනවා. ඒ වුණත් අපිට කිසි ම ගැටලුවක් වුණේ නැහැ.” ඔහු කියා සිටියේ ය.

නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවර ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශිෂ්‍යයින් සහ වෙනත් පුද්ගලයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 99 දෙනෙකු නේපාලයේ සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

දශක ගණනාවකට පසු නේපාලයේ ඇති වූ දරුණුතම නොසන්සුන්තාව මධ්‍යයේ අගමැති කේ.පී. ෂර්මා ඔලි (සැප්තැම්බර් 9 වැනිදා) ඉල්ලා අස්වී විය.

දිනුක් හේවාවිතාරණ
බීබීසී සිංහල

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments