පඬු කරඳ ගහක් නිසා අධිවේගයට එරෙහි වූ දේවානි අපේ පක්ෂෙ නෙමෙයි…- බිමල්

කඩවත මීරිගම අධිවේගී මාර්ගය තැනීමේ දී කිලෝ මීටරයක රු. බිලියන 12ක් වැය වන කතාව අසත්‍යයක් බවත් ඒ සඳහා වැය වන්නේ රු. බිලියන 6.29ක් පමණක් බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

එම මුදල ද වැඩි බවත් 2015 වසරේ ආර්ථික ඝාතකයන් අත්සන් කරන ලද අත්තනෝමතික ගිවිසුම නොවන්නට එය බිලියන 5ක් දක්වා අඩු කර ගැනීමේ හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතිය ගසක් නිසා තම පක්ෂයට සම්බන්ධ පරිසරවේදිනියක විරුද්ධ වීම නිසා අඩාල වූයේ යැයි කීව ද ඇය සිය පක්ෂයේ නොවන බවත් සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිසර වාර්තා ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවූ විට මහා විනාශයන් ඇති වන බවත් බිමල් රත්නායක අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments