පද්මේගේ කුඩු ප‍්‍රවාහනය කලේ යයි නිලියන් පිරිසක් පසුපස පොලිසිය…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට රදවාගෙන ප‍්‍රශ්ණ කරමින් සිටින කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරමින් පවතින අතර ඔහු හා සම්බන්ධ නිළියන් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අධිකරණයට වාර්තා කර ඇත.

විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේල පත්මේ සමග විදේශ රටවලට ගොස් සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන රංගන ශිල්පනියන් පස් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බවය.

මෙම රංගන ශිල්පිනියන් කෙහෙල් බද්ධර පත්මේ සමග සම්බන්ධතා පවත්වමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්ල මුදල් විශුද්ධීකරණය හෝ අවි ආයුධ සම්බන්ධ අපරාධ වලට යොමු වී තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන මස හත්වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එදින දක්වා අදාල නඩුව කල්දමන ලෙස නියෝග කළේය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments