පන්සලේ පිං කැටේ පඬුරුවලටත් බදු ගෙවන රටේ ඇමතිලා යාළුවෝ දුන්නා කියලා බදු වංචා කරනවා..- තරුණ බෞද්ධ සභාපති

යහළුවන්ගෙන් මුදල් ලැබුණා යැයි මැති ඇමතිලාට බදු නොගෙවා සිටිය නොහැකි බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තරුණ බෞද්ධ සංගමය ලෙස ලැබෙන ආධාර සඳහා තමන් ද බදු ගෙවන අතර පන්සලේ පිං කැටයට වැටෙන පඬුරු සඳහා පන්සල ද බදු ගෙවන බවයි.

සිය නියමිත බදු මුදලට මදක් අඩුවෙන් බදු ගෙවීම නිසා එංගලන්තයේ උප අගමැතිවරිය පසුගියදා ඉල්ලා අස්වුව ද ලංකාවේ ඇතැමුන් බදු නොගෙවා සිටීම අයිතියක් ලෙස සලකන බව ද මහේන්ද්‍ර ජයසේකර පෙන්වා දෙයි.

පාලකයන් මෙය ජනතාවගේ නොව තමන්ගේ රට යැයි සිතා කටයුතු කරමින් ඇතැයි ද විදෙස් රටවල් සමග රටට අවාසිදායක ගිවිසුම් අත්සන් කර ජනතාවට ඉදිරිපත් නොකර සිටින්නේ එහෙයින් බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

උත්සව අවස්ථාවක් අමතමින් මහේන්ද්‍ර ජයසේකර මේ බව කීය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments