පරීක්‍ෂා නොකර බහාළුම් 323ක් නිදහස් කර ඇත්තේ බිමල්ගේ අණට.. අධිකරණයේ නඩු පවරයි…

වර්තමාන ආණ්ඩුව යටතේ මෙරට තුළ සිදුවූ දැවැන්තම හොරකම වන රේගු පරීක්ෂාවකින් තොරව බහළුම් 323 ක් නිදහස් කිරීමට අනුමැතිය දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

එසේ නිදහස් කරන ලද බහාලුම් ප්‍රමාණයට ඉන්පසු සිදුවූයේ කුමක්දැයි කිසිදු සඳහනක් නැති බවද ඔහු චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් වන තොරතුරු ඉල්ලා ඉල්ලු පසු ලබාදී ඇත්තේ ඒවා ගෙන්වන ලද රටවල් පමණක් බවද පැවසූ ඊට අදාළ කිසිදු රේගු සටහන්කරයක් ලබා දී නැති බවද කියා සිටියි.

පුද්ගලිකත්වය හෙළිදරව් වන්නේ යැයි පදනම් කරගෙන එම තොරතුරු ලබාදීමට රේගුව කටයුතු නොකරන ලද බවද හෙතෙම පැවසුවේය.

එ් අනුව මීට අදාළ තොරතුරු අධිකරණය හමුවට ගොස් හෝ ලබාගැනීමට කටයුතු කරනව බවද හෙතෙම කියා සිටියේය.

කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments