පළාත් පාලන සභිකයන් ගැසට් කිරීමේ ගැටලුවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සභිකයන් ගැසට් පත්‍රයේ පළකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේය. සමහර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් තෝරා එවිය යුතු සභිකයන්ගේ නාමලේඛන අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත ඊයේ (27දා) වන විටත් ලබා දී නොමැති බවද පැවසීය.

සභිකයන් යම් ප්‍රමාණයකගේ නම නොමැතිව ගැසට් පත්‍රයේ පළ කළ නොහැකි බවත්, මේ නිසා මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ සභිකයන් නම් කිරීමට අදාළව ගැසට් පත්‍රයක් නිකුත් කළ බවද පැවසීය.

මේ අනුව සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මේ මස 30වන දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර තමන්ට නම් කිරීමට නියමිතව තිබෙන සභිකයන් සහ  කාන්තා සභිකයන් පිළිබඳ විස්තර අදාළ පළාත් පාලන ආයතනවල තේරීම් භාර නිලධාරීන් වෙත ලබා දිය යුතු බවද සඳහන් කළේය. 

මීට අදාළ නියමයන් ඊයේ දින අංක2438/13 ගැසට් පත්‍රයේ පළකර තිබෙන බවත්, මේ අනුව සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් අදාළ කාලය තුළදී ලයිස්තු භාර දිය යුතු බවද පැවසීය.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව ලබන මස 02වන දින සිට පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ වන බවද පැවසීය.

මීට අමතරව මෙම ඡන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා භාර ගැනීම ඊයේ (27දා) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වූ බවද සඳහන් කළේය.

අදාළ කාලය තුළදී ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් සියලුමදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය. 

 ඉන්දික හේවාවිතාරණ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments