ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම

වියට්නාමයේ නිල සංචාරයකට ගිය ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑමෙන් පසු එහි දොර විවර වී, ජනාධිපතිවරයා ගුවන් යානයට සවි කරන පඩි පෙළ දිගේ පහළට බසින තුරු වියට්නාම් බලධාරීන්, මාධ්‍යවේදීහු ඇතුළු සියලු දෙනා දෑස් දල්වාගෙන සිටියහ.

යානයේ දොර විවර වෙද්දී කාන්තා අතක් තරවටු ස්වරූපයෙන් මැක්රොන්ගේ මුහුණ අල්ලා තල්ලු කරන බවක් පැහැදිලිව පෙනෙයි.

එය පහළ සිටින මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වෙද්දී, මැක්රොන් බොරු සිනාවක් ද ආරූඪ කරගනී. මේ සියල්ල කැමරාවලින් ලබා ගත් වීඩියෝ දසුන්වල අන්තර්ගතය.

මෙම තරවටු කිරීම සිදු කරනු ලබන්නේ ප්‍රංශ ජනාධිපති ආර්යාව බ්‍රිජෙත් විසිනි. පසුව දෙදෙනා ගුවන් යානයෙන් පහළට බසින අයුරු ද දකින්න ලැබේ. ප්‍රංශ ජනාධිපතිවරයා තමන්ගේ අත අල්ලා ගන්නැයි බිරිඳ බ්‍රිජෙත්ට ඉඟි කරන නමුත් ඇය එසේ කරන්නේ නැත.

මැක්රොන් සහ බිරිඳ අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි මාධ්‍ය වාර්තා කරන නමුත් මේ සම්බන්ධයෙන් ජනපති මැක්රොන් කිසිවක් පවසා නැත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments