ප්‍රකාශන හිමිකම් නීතියට කමිටුවක්

 මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත. මෙරට බුද්ධිමය දේපළ නීතිය යටතේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් වන නීති තත්ත්වයන්, ජාත්‍යන්තර නීති ප්‍රවණතාවයන්ට අනුව ශක්තිමත් කිරීම සඳහා බුද්ධිමය දේපළ විෂය, නීති ක්ෂෙත්‍රය සහ අනෙකුත් අමාත්‍යාංශ නියෝජනය වන පරිදි මෙම කමිටුව සමන්විත වී ඇත.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රකාශනය හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා වූ සාකච්ඡාව වෙළද අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

එමෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් සලකා බලා සාධනීය විසඳුම් ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ අරමුණ වී තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments