ප‍්‍රභාකරන් අහිමිව ඊළාම් ජනතාව දුකින්.. විසදුම මා ගේනවා..- විජේ

තමිල්නාඩුවේ දේශපාලන කටයුතු අතරේදී ජනප්‍රිය දමිල නළු විජේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

ඔහු තමිනාඩු හි නාගපට්ටිනම් නගරයේ පැවති මැතිවරණ රැළියකදී කියා සිටියේ, හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමට සැලසුම් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්, ශ්‍රී ලංකා දෙමළ ජනතාවට “මවක් හා සමාන” බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “ලෝකයේ කොහේ හිටියත්, අපේ ඥාතීන් වන ඊලම් දෙමළ ජනතාව, මව් සෙනෙහස දැක්වූ නායකයකු අහිමි වීමෙන් දුක් විඳිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කතා කිරීම අපේ යුතුකමක්” යනුවෙනි.

NDTV පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය, විශේෂයෙන්ම නාගපට්ටිනම් වැනි ධීවර ප්‍රජාව බහුලව සිටින ප්‍රදේශවල සංවේදී මාතෘකාවක් බව සැලකේ.

2008 දී ද විජේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් චෙන්නායි හි පැවති උපවාසයකට එක් විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා දෙමළ ජනතාවට සහය දැක්වීම සහ ඉන්දියාවේ තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වීම එකම දෙයක් නොවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ප්‍රභාකරන් අගය කිරීම හැරුණු කොට, ධීවර ජනතාවගේ ගැටලු විසඳීම තම පක්ෂයේ ප්‍රධාන අරමුණක් බව ද විජේ ප්‍රකාශ කළේය. එම්.කේ. ස්ටාලින්ගේ රජයට ද දෝෂාරෝපණයක් එල්ල කළ ඔහු, ධීවර ප්‍රශ්න විසඳීම සඳහා තම පක්ෂය දිගු ලිපි ලියන්නේ නැති බවත්, ඒ වෙනුවට විසඳුම් සොයන බවත් කියා සිටියේය.

ඔහු අවසාන වශයෙන් පැවසුවේ “ධීවරයන්ගේ ජීවිත වැදගත්. ඒත් ඊලම් දෙමළ ජනතාවගේ ජීවිතත් අපට ඒ වගේම වැදගත්” යනුවෙනි.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments