ප‍්‍රාදේශීය සභා 263ක සභාපතිවරුන් පත් කරන්න ඡන්දයක්..

පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

අවසන් මැතිවරණ ප්‍රතිඵලය අනුව පළාත් පාලන ආයතන 339 න් සියයට 50 ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇත්තේ පළාත් පාලන ආයතන 76 ක පමණකය.

එබැවින් සෙසු පළාත් පාලන ආයතන 263 ම සභාපතිවරුන් තෝරා ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ඡන්දයක් පැවැත්වීමට සිදුවේ.

එහිදී නාමයෝජනා කැඳවා එක් නාමයෝජනාවකට වඩා ඉදිරිපත් වුවහොත් යම්කිසි අපේක්ෂකයකු සියයට 50 ක් ඡන්ද ලබා ගන්නා තෙක් ඡන්දය පැවැත්විය යුතු බව පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන්ය.

පළාත් පාලන ආයතනයක සභාපතිවරයා තෝරා ගැනීම සඳහා එම ආයතනයේ සභිකයන්ගේ කැමැත්ත පරිදි රහස් ඡන්දයක් පැවැත්වීමටද අවසර ඇති බව සඳහන්ය.

අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ආයතන 265 කද සමගි ජන බලවේගය ආයතන 14 කද ජය හිමි කරගෙන තිබේ. දෙමළ ජාතික සන්ධානය ද සෙසු ස්වාධීන කණ්ඩායම් ද ඉතිරි ආයතන ජයගෙන ඇත.

එහෙත් ඕනෑම ආයතනයක සභාපති ධුරයට පත්විය හැක්කේ බහුතර මන්ත්‍රීන්ගේ එකඟතාවයෙනි

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments