පාදුක්කේ සල්ලි උස්සන හොර කපුටෙක්

පාදුක්ක, පිටුම්පේ ප්‍රදේශවාසීන් මේ දිනවල සිටින්නේ මහා කරදරයකය. ඒ අන් කිසිවක් නිසා නොව, දිනෙන් දින කරදරකාරී වෙමින් යන කපුටකු නිසාය. කපුටා මිනිසුන් සතුටු කරන්නට ඇඟේ වහන, වෙළෙඳසල්වලට ගොස් ‘ජරා කරන’ දඟකාරයෙකි.

මෙම කපුටා වෙළෙඳසල් කරා පියඹා ගොස් මුදල් නෝට්ටු පවා රැගෙන යන කපුටෙකි.

ප්‍රදේශවාසීන්ගේ දැඩි සැකය වී ඇත්තේ, මෙම කපුටා කවුරුන් හෝ විසින් නිවසක ඇති දැඩි කරන සතකු බවටය.

කපුටා වෙළෙඳසල්වලට සහ බැංකු ආශ්‍රිත ප්‍රදේශවලට පියඹා ගොස් මුදල් නෝට්ටු රැගෙන පියඹා යයි. එක් අවස්ථාවකදී කපුටා වෙළෙඳසලකින් රුපියල් සීයේ නෝට්ටුවක් රැගෙන ගොස් ගසක අත්තක වසා ඇති අයුරුද දක්නට ලැබී තිබේ.

වෙළෙඳසල්වලට ගොස් අපවිත්‍ර කිරීම සහ කිසිදු බියකින් තොරව මිනිසුන්ගේ ඇඟ මත වසන්නට කපුටා පුරුදුවී සිටී. එක්තරා කාර්යාලයකට පැමිණි කාන්තාවකගේ ශරීරයේ එම කපුටා වසා සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

මේ වන විට ජනතාවට ඇතිව තිබෙන පීඩාව සැලකිල්ලට ගෙන, මේ කපුටා ගැන වගකිවයුතු අංශවල අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලිමක් කරති.

 රෙක්සි වෙත්තසිංහ – හංවැල්ල

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments