පාදුක්ක පොලිසියේදී යකා නැටූ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට

පොලීසියටම ඇවිත් ට්‍රැෆික් OICට දාපු පාට් එක..උර පටියත් කැඩී නිලධාරියා ඇදවැටෙයි – ජංගම දුරකථනයේ සියල්ල පටිගත වෙයි

පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පොලිස් ස්ථානය තුළදීම අසභ්‍ය වචනයෙන් බැණවැදී පහරදුන් බව කියන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පාදුක්ක මාවතගම රිටිගහහේන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් බීමත්ව සිටි බව කියන මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සැකකාර හිටපු සභිකයා පොලිසියට පැමිණ සැකකරු රැගෙන යාමට උත්සහ කර ඇතැයිද පොලිසිය කියයි.

එම අවස්ථාවේදී සැකකරු මුදාහැරීමට නොහැකි බවට පැවසීම නිසා මෙම ගැටුම හටගෙන තිබේ.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයාගේ නිල ඇඳුමෙන් ඇද පහර දීමට තැත් කිරීමේදී නිල ඇඳුමේ උර පටිය ගැලවී ගොස් ඔහු පොලීසිය තුළ ඇද වැටී ඇතැයි ද පොලිසිය පවසයි.

පසුව සැකකාරුව අත්අඩංගුවට ගෙන සිරමැදිරියට දැමූ විට තමන්ට අසනීප බව පවසමින් සැකකරු සිරමැදිරිය තුළ ඇදවැටීම නිසා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සීතාවක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභිකයෙකු සහ පසුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්වරයෙකු වූ ගයාන් දුමින්ද නමැති ව්‍යාපාරිකයෙකු බවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments