පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව අද පෙරවරු  9.30ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතය.

අද දිනයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිත අතර පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සලකා බලා තෙවන වර කියවීමට නියමිතව තිබේ.

හෙට දිනයේ දී විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ වන නියෝග සහ සුරාබදු ආඥා පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිත අතර අනිද්දා දිනයේ දී මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සදහා වූ ජාතික වැඩසටහන පිළිබද සභාව කල් කැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේය.
 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments