පාසල්වල මත්ද‍්‍රව්‍ය සොයා පොලිස් මෙහෙයුම්..

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් “රටම එකට” ජාතික මෙහෙවර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව, පාසල් මට්ටමින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සහ සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහය ලබා දීමට කටයුතු යොදා ඇත.

සමස්ත රාජ්‍ය ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලින් උපුටා දැමීමයි. මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් සපයන අතර, විශේෂයෙන්ම පාසල් ළමුන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත.

මේ වන විටත් බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම වැඩසටහන් වල කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

නිල සුනඛ සහය ලබා ගන්නා ආකාරය

පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සහ පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයන්ගේ සහය අවශ්‍ය වන්නේ නම්, අදාළ පාසලේ විදුහල්පති/විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සමඟ සම්බන්ධ වී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇත.

සම්බන්ධ කරගත යුතු දුරකථන අංක පහත දැක්වේ:

• අධ්‍යක්ෂ, පොලිස් නිල සුනඛ කොට්ඨාසය:

o ජංගම: 071- 8591816
o ස්ථාවර: 081 – 2233429

මෙම පියවර මගින් පාසල් භූමිය තුළ මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රචලිත වීම වැළැක්වීමට මෙන්ම, පාසල් දරුවන් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments