පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය.

බාලවයස්කාර පාසල් සිසුවියක් නිවසට කැඳවා ගෙන ගොස් දූෂණය කිරීමට හා ලිංගික අපහරණයට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළකට සිර දඬුවම් නියම වූ බවට වාර්තා වේ.

මෙසේ දඬුවම් ලබා ඇත්තේ එම පාසලේම ගුරුවරයෙක් හා ගුරුවරියක් වේ.

ඒ අනුව අඳාළ අඹු සැමි යුවළට බරපතළ වැඩ සහිත වසර 45 බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළ බව සඳහන්.

වසර 13 ට පෙර සිදු වූ මෙම අපරාධයට සිර දඬුවම් නියම වූයේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකටයි. රංචු ගැසී ස්ත්‍රියක දූෂණය කිරීම, ඒ සඳහා අනුබල දීම, එකී දැරිය ලිංගික අපයෝජනය කිරීම ඇතුළු අධි චෝදනා 6 ට මෙසේ ඔවුන් වරදකරුවන් විය.

අඳාළ සිද්ධිය වන විට වින්දිත දැරියට වයස අවුරුදු 16 මාස 10 ක් වී තිබෙනවා.

එසේම මෙම විත්තිකරුවන් ඇගේ සම වයසේම පසු වෙන කුඩා දැරියන් දෙදෙනෙකුගේ මව්පියන් වන බව ද සඳහන්.

gagana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments