පාසැල් එන නරි

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩස් ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසළ විශාල නරි රංචුවක් සැරි සැරීම හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ආචර්ය මණ්ඩලය දැඩි භීතියට පත් වී ඇත.

ක්‍රීඩා පිටියට ආසන්නයේම පිහිටි ඉලුක් රක්ෂිතය තුලින් නරියන් උදෑසන කාලයේ ක්‍රීඩා පිටිය අසළට පැමිණ කෑ ගසන බවත්, පවත්නා තත්වය මත ළමුන්ට ක්‍රීඩාංගනයේ සෙල්ලම් කිරිමට පවා නොහැති තත්වයක් උද්ගත වි ඇති බවයි විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය කියා සිටින්නේ.

පාසල් අවට සැරි සරන නරි රංචුව අල්ලා වෙනත් සුදුසු ස්ථානයකට රැගෙන ගොස් මුදා හරින ලෙස අදාළ වග කියයුතු නිළධාරින්ගෙන් විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මණ්ඩලය ඉල්ලා සිටියි.

– රංජිත් රාජපක්ෂ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments