පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකෙනු ඇති බවය.

ඒ අනුව අද මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිය අනුව තහනම් වනු ඇත.

මේ අතර මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 4150ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබේ.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 28ක් නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පැමිණිලි 3,860ක් සහ වෙනත් පැමිණිලි 262ක් ආදී ලෙස එම කොමිෂන් සභාව වෙත මෙම පැමිණිලි වාර්තා වී ඇත.

එම පැමිණිලි අතුරින් පැමිණිලි මේ වන විට පැමිණිලි 3,495ක් විසඳා ඇති බව පැවසු මැතිවරණ කොමිසම පැවසුවේ තවත් පැමිණිලි 655ක් විසඳීමට කටයුතු කරමින් සිටින බවය. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments