පොඩි පොඩි අය ගේම් ගසා බලය පිහිටුවන සභාවලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නෑ..- බිමල්

විපක්ෂය ගේමක් ගසා බලය පිහිටවුන පළාත් පාලන ආයතන වලට රජයෙන් මුදල් ලබා නොදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එම පලාත් පාලන ආයතනවල සේවය කරන අයගේ වැටුප් ආදිය ගෙවීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා මුදල් යෙවීමට ආණ්ඩුවට සූදානම් නැති බවත් කී ඔහු වංචා දූෂණ කරන්නන් පිරිසක් විසින් පාලනය කරන සභාවකට මුදල් යෙදවීමට ආණ්ඩුවට පිස්සු නැතයි පැවසීය.

පොඩි පොඩි කණ්ඩායම් එකතු වී බලය පිහිටුවීමට ජනතාව වරමක් දී නැති බවද පැවසූ ඔහු එසේ බලය පිහිටවීමට කිසිවකු කටයුතු කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බවද කියා සිටියේය.

මෙවර කොළඹ නගර සභාවේ නගරාධිපතිනි වන්නේ ව‍්‍රායි බල්තසාර් මහත්මිය බවත් එය ලියා තබාගන්නා ලෙසත් ඔහු අභියෝග කළේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතා අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පවසන ලදී.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments