පොහොට්ටුවට සභාපතිධුර දෙකක් යයි..

උඩබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.

සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබුණි.

එහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට තම පක්ෂයේ ඡන්ද 09 ලැබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂවල ද සහාය ලබමින් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජයග්‍රහණය කළේය.

එහි උපසභාපති ධුරය සඳහා ද ඡන්ද විමසීමක් පැවති අතර එහිදී සමගි ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

මේ අතර කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තේරී පත්විය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments