පෝෂදායි දියර එන්නත් ලබා ගැනීමේදී වැඩි මිල ටෙන්ඩරයට දීලා

රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත්(Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර  කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දි තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

මේ පිළිබදව ජනාධිපති අනුර කුමර දිසානායක මහතාගේ අවදානය යොමු විය යුතු බවත් මෙම ඩෙන්ඩර් කැදවිම වර්තමාන ආණ්ඩුව යටතේ සිදුව තිබෙන බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා  සදහන් කළේය.

ඩෙන්ඩර් කැදවිමේදි තොරා ගැනිම් සිදුකලත් තවමත් අදාල මිලදි ගැනිම් සදහ මුදල් ලබා දි නොමැති බවට වර්තාවන  බවද පවසා සිටියේය.

පසුගිය ආණ්ඩු සමයන්වලදි සේම වර්තමාන ආණ්ඩුව යටතේත් මිලදි ගැනිම් සිදුකිරිමේදි අඩු මිල පිලිබදව අවදානයක් යොමු නොවන බවද පැවසිය.

පවතින ක්‍රමවෙදය අනුව මෙම ඹෟෂධය ගෙන්විමට කටයුතු කල හොත් රුපියල් මිලියන සියයක මුදලක් වැඩි පුර ගෙවිමට සිදුවන බවද සදහන් කළේය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වුවද රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ දිගින් දිගටම ප්‍රශ්න සහගත ටෙන්ටර් ගනුදෙනු සිදුවන බවත් මිට පෙර අවස්ථාවක  මුඛ සෝදන දියර ටෙන්ඩර් ලබාදීමේදීද අක්‍රමතාවක් සිදුවීමට ගිය බවත්  තම සංගමය එය හෙලි කල  බවද සදහන් කළේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments