පෞද්ගලික බස් රථ නියාමනය කළ යුතුයි

පෞද්ගලික බස් කර්මාන්තය මුදා නොගත් කලාප  තිබෙන කර්මාන්තයක් බවට පත්වී තිබෙන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල්  ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.

ශ්‍රී ලංගම ආයතනය පිහිටවනු ලැබුවේ පනස් අට වසරේදී.අප රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේදී පෞද්ගලික බස් රථත් සැලකිය යුතු සේවයක් කරනවා.එමෙන්ම සැලකිය යුතු ව්‍යාපාරික පැලැන්තියක්ද ගොඩනැගී තිබෙනවා. පෞද්ගලික බස් රථ නියාමනය කිරීම මෙන්ම සේවක සුභසාධනය ආදී ක්‍රියා රැසක් කළ යුතුව තිබෙනවා. පාරට ගියාට පස්සේ බස් එක ලංගමද පෞද්ගලිකද කියල අදාළ වෙන්නේ නෑ.අප කවුරුත් මහ මඟ හරියට පාවිච්චි නොකළොත් විශාල ගැටලු වලට ලක්වෙනවා.අප රටේ ප්‍රවාහන කර්මාන්තය එන්න එන්න හොඳ වෙනවද? නරක් වෙනවද? කියා හිතෙන තරමට වෘත්තීය වශයෙන් දියුණුවක් වී නැහැ.ආණ්ඩු විසින් ලංගම මරා දමා තිබෙනවා. එය ගොඩ ගැනීම දුෂ්කර අභියෝගයක් බවට පත්වෙලා.පෞද්ගලික බස් රථ සේවයෙන්ද ජනතාවට සේවයක් වුවත් සමාජයේ තිබෙන මතය හොඳ එකක් නෙමෙයි.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments